සේවාවන්

වීසා බලපත්‍ර නිර්දේශ කිරීම්
තොරතුරු තාක්ෂණ ආශ්‍රිත සමාගම් සඳහා වීසා බලපත්‍ර නිර්දේශ කිරීම
රැකියා අවස්ථා වෙනුවෙන් තොරතුරු සන්නිවේදන තාක්ෂණ (ICT) ආයතනවලට වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා තාක්ෂණ අමාත්‍යාංශයෙන් නිර්දේශ ලිපියක් ලබා ගත යුතුය. එම නිර්දේශ ලිපිය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුව ඇත.
සමාලෝචනය සඳහා පහත ලේඛන ඉදිරිපත් කළ යුතුය. පහත ලැයිස්තුවේ දැක්වෙන සියලුම ලේඛන, දක්වා ඇති විද්‍යුත් තැපැල් ලිපිනයන්ට, විද්‍යුත් තැපෑල මඟින් එවිය හැකිය. එසේ නැතහොත්, ඔබට අවශ්‍ය ලේඛනවල දෘඩ පිටපත් තාක්ෂණ අමාත්‍යාංශයට ඉදිරිපත් කළ හැකිය.
විද්‍යුත් තැපැල් පණිවිඩයේ ශීර්ෂය විය යුත්තේ: "වීසා නිර්දේශය - රැකියා අවස්ථා වෙනුවෙන් තොරතුරු සන්නිවේදන තාක්ෂණ (ICT) ආයතනවලට වීසා බලපත්‍ර ලබා ගැනීම"
විදුලි සංදේශ ආශ්‍රිත සමාගම් සඳහා වීසා බලපත්‍ර නිර්දේශ කිරීම
රැකියා අවස්ථා වෙනුවෙන් විදුලි සංදේශ ආයතනවලට වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා තාක්ෂණ අමාත්‍යාංශයෙන් නිර්දේශ ලිපියක් ලබා ගත යුතුය. එම නිර්දේශ ලිපිය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුව ඇත.
සමාලෝචනය සඳහා පහත ලේඛන ඉදිරිපත් කළ යුතුය. පහත ලැයිස්තුවේ දැක්වෙන සියලුම ලේඛන, දක්වා ඇති විද්‍යුත් තැපැල් ලිපිනයන්ට, විද්‍යුත් තැපෑල මඟින් එවිය හැකිය. එසේ නැතහොත්, ඔබට අවශ්‍ය ලේඛනවල දෘඩ පිටපත් තාක්ෂණ අමාත්‍යාංශයට ඉදිරිපත් කළ හැකිය.
විද්‍යුත් තැපැල් පණිවිඩයේ ශීර්ෂය විය යුත්තේ: "වීසා නිර්දේශය - රැකියා අවස්ථා වෙනුවෙන් විදුලි සංදේශ ආයතනවලට වීසා බලපත්‍ර ලබා ගැනීම"