ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G තරංග මාලා (5G spectrum) බලපත්‍ර නිල වශයෙන් පිරිනැමීමේ උත්සවය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් පවත්වන ලදී.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික දැක්ම සැබෑ කර ගැනීම සඳහා 5G තාක්ෂණය හඳුන්වා දීම අත්‍යවශ්‍ය සාධකයකි. අධික වේගය, අතිශය අඩු ප්‍රමාද කාලය (ultra-low latency) සහ ඉහළ විශ්වසනීයත්වය සහිත මෙම තාක්ෂණය මගින් දැවැන්ත පෙරළියක් අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික දැක්ම සාර්ථක කර ගැනීම සඳහා 5G තාක්ෂණය හඳුන්වා දීම අතිශය තීරණාත්මක සාධකයකි. අධික වේගය, ඉතා අඩු ප්‍රමාද කාලය (ultra-low latency) සහ ඉහළ විශ්වසනීයත්වය සහිත 5G තාක්ෂණය හරහා කර්මාන්ත, සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහන හා සැපයුම් ජාල (logistics), ස්මාර්ට් නගර සහ පොදු සේවාවන් යන ක්ෂේත්‍රවල විශාල පෙරළියක් අපේක්ෂා කෙරේ. එසේම, නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය සඳහා නව අවස්ථා රැසක් මෙයින් උදාවනු ඇත.
ශ්‍රී ලංකාව තුළ බලපත්‍ර සහිත 5G සේවා ක්‍රියාත්මක කිරීමේ ආරම්භය සනිටුහන් කරමින්, ඩයලොග් ආසිආටා (Dialog Axiata PLC) සහ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් (SLT Mobitel) යන සමාගම් වෙත නිල වශයෙන් තරංග මාලා බලපත්‍ර පිරිනමන ලදී. ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාවේ ජංගම ජාල යටිතල පහසුකම් දියුණු කිරීමේ වගකීම මෙහිදී මෙම ආයතන වෙත පැවරිණි.
මෙම අවස්ථාවට ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න,විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති වරුණ ශ්‍රී ධනපාල, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත්, සහ වෙන්දේසි කමිටුවේ සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන් සහභාගී වූහ.
එසේම, ඩයලොග් ආසිආටා සමාගමේ අධ්‍යක්ෂ සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා, මොබිටෙල් (පුද්ගලික) සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා ඇතුළු විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පාර්ශවකරුවන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



































Rebuilding Sri Lanka Fund
Contact for more information
Local:1800
International : +94 112001800
Google ආයතනය සමඟ සම්බන්ධ වෙමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශකත්වය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනට A සහ B ශ්‍රේණියේ මාර්ග පද්ධතිය යාවත්කාලීන කිරීමට කටයුතු කර තිබේ. Google ආයතනය විසින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත Google GMCP (google Map content partner) ලබා දී ඇති අතර මේ හේතුවෙන් මෙම යාවත්කාලීන කිරීම් මර්ග සංවර්ධන අධිකාරියට සිදු කිරීමේ අවකාශය හිමි ව ඇත.





ඔබගේ පරිත්‍යාග විශ්වාසනීයත්වයෙන් හා විනිවිදභාවයෙන් යුතුව සෘජුවම ආපදා සහන කටයුතු සඳහා යොමු කිරීමට රජයේ නිල වෙබ් අඩවිය වන
ඔබට දායක වීමට පහසුම ක්‍රම 3ක්! 
ඉක්මණින් පහසුවෙන් ඔබේ පරිත්‍යාග ලබා දෙන්න. දැන් ඔබට 'Bank details for manual donations' වෙත පිවිස බැංකු තැන්පතු විස්තර ලබා ගත හැකියි.
ඔබට දැන් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් උපකරණ හෝ භාණ්ඩ පරිත්‍යාග කළ හැකියි.
'Donate Equipment/Items' ඔස්සේ ඔබේ භාණ්ඩ දායකත්වය සඳහා ලියාපදිංචි වන්න.
ඔබේ පරිත්‍යාග ක්ෂණිකව පහසුවෙන් ලබා දෙන්න!
දැන් ඔබට
යුතුකමේ මෙහෙවර
ව්‍යසනයෙන් පීඩාවට පත් අපේ ජනතාවට සහාය වීම වෙනුවෙන් donate.gov.lk වෙබ් අඩවිය දැන් සක්‍රීයයි!
එක්ව ගොඩනගමු ශ්‍රී ලංකා