දළ විශ්ලේෂණය
Organizational Chart

දැක්ම
""නවීන තාක්ෂණයෙන් සවිබල ගැන්වුනු සුහුරු සහ සමෘද්ධිමත් ජාතියක්""
මෙහෙවර
සමාජ හා කාර්මික පරිවර්තනය තුළින්, තාක්ෂණික දියුණුව, නවෝත්පාදනය සහ සංවර්ධනය යන ජාතික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා තාක්ෂණය පදනම් කරගත් ප්‍රතිපත්ති, උපාය මාර්ග, ප්‍රමුඛතා, වැඩසටහන්, සැලසුම් සහ මාර්ගෝපදේශ නිර්මාණය කිරීම සහ වැඩිදියුණු කිරීම.
වගකීම් සහ කාර්යභාරයන්
-තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන විෂය පථය සහ රජය විසින් ක්‍රියාත්මක කරන ලද ජාතික ප්‍රතිපත්ති මත පදනම්ව II වැනි තීරුවේ ලැයිස්තුගත කර ඇති දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථාවලට අයත් විෂය පථයන් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සහ ඇගයීම.
අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවතින මහජන සේවාවන් කාර්යක්ෂම හා මහජන හිතකාමී අයුරින් සැපයීම.
දූෂණය හා නාස්තිය තුරන් කිරීම මත පදනම්ව අමාත්‍යාංශයේ කාර්යයන් ඉටු වන බව සහතික කරමින්, නවීන කළමනාකරණ ශිල්පීය ක්‍රම සහ තාක්ෂණය භාවිතයෙන් සියලුම පද්ධති සහ ක්‍රියා පටිපාටි ප්‍රතිසංස්කරණය කිරීම.
නවීන තාක්ෂණයන් උපයෝගී කර ගැනීම තුළින් සැමට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.
සේවා සැපයීමේදී, ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම උදෙසා අන්තර් රාජ්‍ය ආයතනවලට තොරතුරු තාක්ෂණ මුලපිරීම් සඳහා පහසුකම් සැලසීම සහ අධීක්ෂණ කටයුතු සිදු කිරීම.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
සමාජයේ සියලුම අංශවල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතය දිරිමත් කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා උපායමාර්ග සංවර්ධනය කිරීම සහ පුද්ගලික අංශය සමඟ හවුල්කාරිත්වයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මුලපිරීම් සම්බන්ධීකරණය කිරීම සහ ඒ සඳහා පහසුකම් සැලසීම.
සයිබර් ආරක්ෂණයට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් ක්‍රියාකාරීව මැදිහත් වීම සහ සයිබර් අපරාධ වැළැක්වීම.
ඩිජිටල් අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම.
පරිපාලනයට අදාළ ප්‍රමිතීන් සහ කරුණු බලාත්මක කිරීම.
නියාමන ක්‍රියාවලිය හැඩගැස්වීම, මහජන අවශ්‍යතා ආරක්ෂා කිරීම සහ වර්ධනය වන තරඟකාරී වෙළඳපොළක අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම තුළින්, විදුලි සංදේශ ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම.
ඩිජිටල් තාක්ෂණය පදනම් කරගත් ව්‍යාපාර පුළුල් කිරීම සම්බන්ධ කරුණු.
හරිත තාක්ෂණ ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා අදාළ අමාත්‍යාංශවලට තාක්ෂණික සහාය ලබා දීම.
ආයතනවල විෂය පථයට අයත් අනෙකුත් සියලුම විෂයයන් තාක්ෂණ අමාත්‍යවරයාගේ කාර්යභාරය යටතේ පවතී.
සියලුම ආයතනවල අධීක්ෂණය තාක්ෂණ අමාත්‍යවරයාගේ කාර්යභාරය යටතේ පවතී.
Laws and Ordinance to be implemented
- 2003 අංක 27 දරන තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පනත ( Sinhala )
- 2008 අංක 38 දරන තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (සංශෝධිත) පනත
- 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත ( English )
- 1984 අංක 6 දරන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත ( English )
- 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත
- 1996 අංක 27 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධිත) පනත ( English )
- 2022 අංක 9 දරන පුද්ගලික දත්ත ආරක්ෂණ පනත ( English )