කොළඹ විශ්ව විද්‍යාලීය පරිඝනක අධ්‍යනායතනය (UCSC) විසින් සංවිධානය කරන ලද 2026 අයවැයෙහි ඩිජිටල් ආර්ථිකය සම්බන්ධ පසු විශ්ලේෂණ වැඩසටහන පසුගිය දා සාර්ථකව පැවැත්වූණු අතර, මේ සඳහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ගමන මඟ පිළිබිඹු කිරීම වෙනුවෙන් රජයේ, කර්මාන්ත සහ ශාස්ත්‍රීය ක්ෂේත්රයේ නායකයින් එක්ව සිටිය හ. අභියෝගාත්මක කාලගුණය මධ්‍යයේ වුවද, පිරිසගේ සහභාගීත්වය සහ උද්යෝගය ශ්‍රී ලාංකිකයන් සහයෝගීව සහ නවෝත්පාදනය සමඟ ඉදිරියට යාමට සූදානම් බව තහවුරු කරන්නක් විය.
AI, දත්ත සහ API පාලනය, PDPA සූදානම සහ ආරක්ෂිත ඩිජිටල් පොදු යටිතල පහසුකම් වෙනුවෙන් අනාගතය සඳහා ඉඩ සලසන ඩිජිටල් පාලන අනුග්‍රාහකයා ලෙස XAPI හි සහයෝගය සහ සංසදය පුරාවටම ලබාදුන් දායකත්වය පිළිබඳව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වශයෙන් බෙහෙවින්ම අගය කරන්නෙමු. මෙහිදී ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය, එරංග වීරරත්න; ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල, කර්මාන්ත ක්ශේත්‍රය නියෝජනය කරමින් ඉමාල් කළුතොටගේ සහ සැසිය හසුරවමින් අනුදි නානායක්කාර සිය බුද්ධුමය දායකත්වය ලබා දුන්හ.
මෙම සැසිය ප්‍රතිපත්ති, කර්මාන්ත සහ නවෝත්පාදන අතර සබධතාවන් ශක්තිමත් කරන අතර ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය නව මානයක් කරා ගෙනයනු ඇත.





